වේග සීමා පුවරු සවිකර ඇති මාර්ග 72ක අධික වේගයෙන් ධාවනය කරන රියදුරන් රුපියල් දහසක දඩ කොළයක් දෙන බවත් එය ප්‍රතික්ෂේප කළහොත් උසාවියේ නඩු පවරන බවත් පොලිසිය කියයි.
පසුගිය සමයේ සිදුවූ මාරක රිය අනතුරුවල සංඛ්‍යාව ඉහළ යාම මෙම තීරණයට හේතුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මාර්ගවල නිසි පරිදි වේග සීමා පුවරු සවි කරන තෙක් වේග සීමා නඩු පැවරීමක් සිදු නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණද මාර්ග 72ක වේග සීමා පුවරු සවිකර ඇති බැවින් එම මාර්ගවල නීති කඩන රියදුරන්ට දඩ කොළ ලබාදෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නීති හරියටම ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. නැත්නම් පොලිසිය හම්බ කරගන්න එක සිකුරුයි (නදී)
ප්‍රභූන්ටත් මේ නීතිය මේ විධියටම ක්‍රියාත්මක උනොත් තමයි සාධාරණ. රටේ සංවර්ධනයත් එක්ක රියැදුරන්ට ග්‍රාමීය පෙදෙස් හා නාගරික පෙදෙස් වෙන් කොට හඳුනා ගැණීම පිළිබඳවද ගැටලු තිබෙනවා.(නදී)
හොඳ වැඩක්.නැවත නොකරන විදිහට දඩය දියයුතුයි. ඒ වගේම ඉන්දියාවෙන් ගෙන්වන වාහන නවත්වා ලංකාවේ නිපදවීමට පටන් ගන්න. (නි)
මම හිතන්නේ වේග සීමාව 70 අවම වශයෙන් 80-90 අතරට සංශෝධනය කල යුතුය. අඩුම තරමේ තෝරාගත් ප්‍රදේශ වලවත්. උදා. දඹුල්ල හබරණ මාර්ගය (නදී)
ඉතා හොඳ වැඩපිළිවෙලක් (නි)
පාරේ ඉරිත් හරියට අඳින්න ඔය ගමන්ම.(ම)
රටේ මාර්ග වේගයෙන් සංවර්දනය උන නිසා වේග සීමා නිසි ලෙස ක්‍රියාත්මක වීමක්- (නදී)
මේ ඔක්කොම නීති සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි. ඩිපෙන්ඩර් වගේ ලොකු වාහන දැක්කහම පොලීසිය හැංගෙනවා (නදී)
නගර සීමාවන් තුල පැ.කිමී 50 සෑහේ.. නමුත් මේ වන විට ලංකාවේ මාර්ග පද්දතිය හොඳ නිසාවෙන් නගර සීමාවෙන් පිටත පැ.කිමී 70ක වේගය කිසිසේත් ප්‍රමාණවත් නොවේ. මෙම නිසා දුර ගමන් වල යෙදෙන්නන්ට ඒ සදහා වැඩි කාලයක් ගතවේ.. මෙම 70 වේග සීමාව අවම 75-80 අතර පවත්වාගෙන යන්නේ නම් සුදුසු බව මාගේ හැගීමයි.. මාර්ග අනතුරු බොහෝ විට සිදුවනුයේ බීමත්ව රිය පැදවීම හා රියදුරන්ට නින්ද යාම නිසාවෙනි..(නදී)
පොලිස් නිලධාරීනුත් පගාව නොගෙන නිවරදිව ක්‍රියා කළ යුතුයි. විශේෂයෙන් පෞද්ගලික බස් සහ ටිපර් රථ ගැන අවධානය යොමු කළ යුතුයි (නදී)
මේවා 1950 පමණ තිබු සීමා. අදට ගැලපෙන්නේ නෑ. නගර තුල 60 පමණත් නගරයෙන් පිට 90 පමණවත් ලෙස අද මේවා වෙනස් කල යුතුයි. මේ නීති වලින් වෙන්නේ පොලිසිය පගා ගහන එක විතරයි. අනික දේශපාලකයෝ පොලිසිය හමුදාව වේගයෙන් යනකොට රාළහාමිලා අහක බලාගන්නවා. අනේ අහිංසකයන්ට තමයි පහර වදින්නේ. (නදී)
අපෙ රටේ සමහර රියදුරන් රථ දාවනය කරන විදිහට වේග සීමා පුවරු සවිකිරීම වටිනා දෙයක්. මොකද රිය අනතුරු අවම කිරීමත් නීති කඩකරන රියදුරන්ට දැඩි දඩුවම් දීමට පුළුවන් වන නිසා. (නදී)
ඉස්සෙල්ලා අල්ලපු වාහනේ වේගයම ඊළගට අල්ලන වාහනයට පෙන්නන්න පුළුවන් නේද? (නදී)
වේග සීමාව පහු කරා කියල අත් අඩංගුවට ගන්න පුලුවන්ද? මම දන්නා විදියට දඩ මුදලක් හෝ නඩුවක් පැවරිය හැකිය. මම ඉන්නේ ඩුබායි වල. මෙහෙ කරන්නෙත් දඩ ගැසීම පමණි. නමුත් එම දඩය දිරාම් 600/- වෙනවා 20 පැ.කි මී කින් වේග සීමාවට වඩා වැඩි නම් (නදී)
වැඩේනම් හොදයි තමයි.එත් එක්කම මාර්ග තදබදයටත් විසදුමක් සොයාගන්න වේවි.(ම)
පොලිසිය හැංගිලා ඉන්නේ නැතුව පේන්න ඉන්නවා නම් හොඳයි නේද ? (නදී)
මම අද දැක්කා මීගොඩ හන්දියේ පොලිසිය බලාගෙන ඉන්දෙද්දීම ඉරත් කපාගෙන අධිවේගයෙන් යන ඩිෆෙන්ඩර් 2ක් මේවා ඉතින් හොඳ විහිළු (බ)
ඇත්තටම හොඳ වැඩක් (නි)
කරුනාකර වේග සීමා පුවරු අනිකුත් රටවල මෙන් මිනිසුන්ට පෙනෙන්න ලොකූවට සවිකරන්න (නදී)