විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම අද (10) සිට නව ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන බව රජය පවසයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ක්‍රමවේදය යටතේ ජෛවමිතික දත්ත ලෙස අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනිමට ද නියමිත බවයි.
ඒ අනුව වයස අවුරුදු 16 ට වැඩි සියළු විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හෝ ශාඛා කාර්යාල වලදී තම ඇඟිලි සලකුණු ලබාදිය යුතු වෙයි.
එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිම සඳහා අද සිට මුද්‍රිත ජායාරූප ලබාදිම අවශ්‍ය නොවන අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් දිවයිනේ ජායාරූපශාලා වලින් පමණක් ලබාගන්නා ජායාරූප අන්තර්ජාලය හරහා තම දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බව ආගමන හා විගමන කොමසාරිස් එම්.එන් රණසිංහ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අද සිට පාස්පෝට් නව ක්‍රමයකට
චන්න බුවනක Monday, 10 August 2015 02:33 PM
පාස්පෝට් තියෙන අපෙන් ආයෙත් ආණ්ඩුව ගානක් ගන්න වගෙයි. මගේ පාස්පෝට් එක අවුරුදු දහයක් ඉවර වෙලා අලුත් කළා විතරයි. (බ)
මොහොමඩ් Monday, 10 August 2015 09:43 AM
ගුවන් ගමන් බලපත් තියෙන කට්ටිය ජීව දත්ත ලබා දිය යුතුද එසේ නම් කෙසේද ලබා දෙන්නේ (ම)
සුරන්ජිත් ලාල් Monday, 10 August 2015 10:01 AM
අන්තර් ජලය හරහා ඡායාරුප එවිය යුතුය. එක හොරකමක් නවත්වන්න ගිහිල්ල තව දහයකට ඉඩ ලබාදෙන්නද හදන්නේ. මට තේරෙන්නේ නැහැ මොනවද මේගොල්ලෝ එයවන්නේ කියල(ම)
ශේන්-මෙල්බර්න් Monday, 10 August 2015 10:46 AM
විදෙස්ගත අය, ගමන් බලපත්‍රයක් අලුත් කරන විට දී ජෛවමිතික දත්ත ලබා දෙන්නේ කෙසේ ද? තානාපති/කොන්සල් කාර්යාලවල ඒ පහසුකම් ලබා දෙනවා ද? ඉතා හොඳ ක්‍රමයක්. (අ)
පුබුදු Monday, 10 August 2015 11:07 AM
පැරණි බලපත් වලට මොකද වෙන්නේ? ඒවා අලුත් කරන්නේ කෙසේද? පැහැදිලි කරන්න. (නි)
රොෂාන් Monday, 10 August 2015 11:38 AM
පිට රට ඉන්න අපි අලුත් කරන්න චායාරුප ගන්න ලංකාවට එන්න වෙවි වගේ(අ)
දිනුක් - කටාර් Monday, 10 August 2015 12:08 PM
රට ඉන්න අය කොහොමද අලුත් පාස්පෝර්ට් එකක් ගන්නේ. (අ)
ලොකුගේ Monday, 10 August 2015 01:13 PM
ගුවන් ගමන් නෙවෙයි මොහොමඩ් මහත්තයෝ, ගමන් බලපත්‍රය . ගුවන් ගමන් බලපත් කියන්නේ එයාර් ටිකට් එක. (බ)
Chandana Thursday, 02 June 2022 05:24 PM
මට ඉතා හදිස්සියි.. අද ආවොත් බැරිද?
P s kumarasinghe Wednesday, 06 July 2022 11:34 AM
පොත අලුත් කරගැනීමට අවශ්‍යයි... දාන්න බැහැ.. වෙන විදියක් තියෙනවාද ටොකන් ලබා දෙනවාද?
තරිදු ලක්මාල් වික්‍රමසිංහ Thursday, 09 March 2023 11:29 AM
මට පාස්පෝටි එක් ගන්නා ලග දිනයක් ගන්නා පුලුවනද
තරිදු Thursday, 09 March 2023 11:32 AM
මට පාස්පෝටි එක් ගන්නා ලගදින