විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිම අද (10) සිට නව ක්‍රමවේදයක් යටතේ සිදු කෙරෙන බව රජය පවසයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ නව ක්‍රමවේදය යටතේ ජෛවමිතික දත්ත ලෙස අයදුම්කරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනිමට ද නියමිත බවයි.
ඒ අනුව වයස අවුරුදු 16 ට වැඩි සියළු විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන හෝ ශාඛා කාර්යාල වලදී තම ඇඟිලි සලකුණු ලබාදිය යුතු වෙයි.
එමෙන්ම විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනිම සඳහා අද සිට මුද්‍රිත ජායාරූප ලබාදිම අවශ්‍ය නොවන අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් දිවයිනේ ජායාරූපශාලා වලින් පමණක් ලබාගන්නා ජායාරූප අන්තර්ජාලය හරහා තම දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බව ආගමන හා විගමන කොමසාරිස් එම්.එන් රණසිංහ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්පෝට් තියෙන අපෙන් ආයෙත් ආණ්ඩුව ගානක් ගන්න වගෙයි. මගේ පාස්පෝට් එක අවුරුදු දහයක් ඉවර වෙලා අලුත් කළා විතරයි. (බ)
ගුවන් ගමන් බලපත් තියෙන කට්ටිය ජීව දත්ත ලබා දිය යුතුද එසේ නම් කෙසේද ලබා දෙන්නේ (ම)
අන්තර් ජලය හරහා ඡායාරුප එවිය යුතුය. එක හොරකමක් නවත්වන්න ගිහිල්ල තව දහයකට ඉඩ ලබාදෙන්නද හදන්නේ. මට තේරෙන්නේ නැහැ මොනවද මේගොල්ලෝ එයවන්නේ කියල(ම)
විදෙස්ගත අය, ගමන් බලපත්‍රයක් අලුත් කරන විට දී ජෛවමිතික දත්ත ලබා දෙන්නේ කෙසේ ද? තානාපති/කොන්සල් කාර්යාලවල ඒ පහසුකම් ලබා දෙනවා ද? ඉතා හොඳ ක්‍රමයක්. (අ)
පැරණි බලපත් වලට මොකද වෙන්නේ? ඒවා අලුත් කරන්නේ කෙසේද? පැහැදිලි කරන්න. (නි)
පිට රට ඉන්න අපි අලුත් කරන්න චායාරුප ගන්න ලංකාවට එන්න වෙවි වගේ(අ)
රට ඉන්න අය කොහොමද අලුත් පාස්පෝර්ට් එකක් ගන්නේ. (අ)
ගුවන් ගමන් නෙවෙයි මොහොමඩ් මහත්තයෝ, ගමන් බලපත්‍රය . ගුවන් ගමන් බලපත් කියන්නේ එයාර් ටිකට් එක. (බ)
මට ඉතා හදිස්සියි.. අද ආවොත් බැරිද?
පොත අලුත් කරගැනීමට අවශ්‍යයි... දාන්න බැහැ.. වෙන විදියක් තියෙනවාද ටොකන් ලබා දෙනවාද?
මට පාස්පෝටි එක් ගන්නා ලග දිනයක් ගන්නා පුලුවනද
මට පාස්පෝටි එක් ගන්නා ලගදින