මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වී වසරක් සපිරීම නිමිත්තෙන් ජනතාවගේ ප්‍රශ්න කෙළින්ම ජනපතිට යොමු කිරීම සඳහා ‘ජනපති හද බිම - ජනපතිට කියන්න‘ වැඩසටහන අද ඇරැඹීය.
ඒ අනුව ඕනෑම දුරකතනයකින් 1919 අංකය අමතා අවශ්‍ය භාෂාව තෝරාගෙන අංක දෙක ඇතුළු කර ‘ජනපතිට කියන්න‘ සේවාව සමග සම්බන්ධ විය හැකි බව ජනපති ලේකම් කාර්යාලයය කියයි.
තැපැල් පෙට්ටිය 123 කොළඹ ලිපිනයෙන් තැපැල් මාර්ගයෙන් ද, [email protected] විද්‍යුත් ලිපිනයෙන් ද, tell.president.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ද, ස්මාර්ට් ජංගම දුරකතන ඔස්සේ ජනපතිට කියන්න ඇප්ලිකේෂන්ය මාර්ගයෙන් ද මෙම සේවාව හා සම්බන්ධ විය හැකි බව ජනපති ලේකම් කාර්යාලයය සඳහන් කරයි.
මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද එය විවෘත කැරිණි. ප්‍රථම දුරකතන ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ ද ජනපතිවරයාය.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙි වැඩෙනමි හොදයි එත් මෙවා කියාත්මක විම නමට පමනක් සිමා නොවෙිවායි පාර්ථනා කරනවා. (ර)
යහපත් වැඩක්. පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා.අපි කථා කරලා අපේ ප්‍රශ්න කියන හැම වෙලාවකම ජනාධිපති වරයා එහි නැහැ. එයට යොදවා සිටින නිළධාරීන් අනිවාර්යයෙන්ම ඉන්නවා.ඒත් සිදුවෙමින් පවතින දේවල් දිහා බැලුවාම ජනාධිපති තුමාට ප්‍රශ්නයක් කිව්වාම, හිටපු ජනපතිනියගෙන් හෝ අගමැතිගෙන් අහන්න ජනපතිට සිදුවෙනවා නම් මේකත් පලක් තියෙන වැඩක් වේවි ද? උතුරේ එදා දෙමල ජනයා සමග සමගියෙන් සිටි සිංහල වැසියන්ට නැවත උතුරේ පදිංචි වෙන්න පුළුවන් ද කියලා ජනාධිපති තුමාගෙන් ඇහුවොත් කියාවි විග්නේෂ්වරන්ගෙන් අහලා කියන්නම් කියලා. පක්ෂයේ බහුතරයක් බිම් මට්ටමේ නියෝජිතයන් මහින්ද රාජපක්ෂගේ නායකත්වයට නැමති නිසා එයාව මැතිවරණ මෙහෙයුම් ප්‍රධානියා කරන්න කිව්වොත් කියාවි චන්ද්‍රිකාගෙන් අහන්න ඕනේ කියලා.අනෙක් ප්‍රශ්න රනිල්ගෙන් අහන්න ඕන කියාවි.කරකියා ගන්නදෙයක් නැති වුනාම ජාත්‍යන්තරයෙන් අහන්න ඕනැ කියාවි.මේවා අලුත් දෙවල් වගේ පෙන්නුවාට ජනාධිපති වරයෙකුව පහසුවෙන් හමුවීමේ අවස්ථාව මහජනයාට දුන්නේ ප්‍රේමදාස හා මහින්ද ජනාධිපති වරුන්ගේ කාලයේදීයි. විශේෂයෙන්ම ත්‍රස්තවාදී ප්‍රශ්නය තිබියදීත් මහින්ද මහතා හමුවීමට හැකියාව තිබුනා. ජනාධිපතිට කියන්න ඕනෑ විධායකය ගැන ප්‍රශ්න. අනෙක් ඒවා විසදන්න පත්කරලා ඉන්න අයට ඒවා නිසි පරිදි කරන්න කීවා නම් ජනාධිපතිට අමුතුවෙන් මුකුත් කියන්න ඕනැ ද? (ස)
කරන හැමදේම නරක නොදැක අපි ටිකක් ඉවසල බැලුවොත් නරකද/ ආණ්ඩුව පත්වෙල මාස තුනහතරයිනෙ.(අ)
වැඩ නැතුවට විහිළු වැඩ! (බ)
සෝභන වැඩ කරන්න එපා (අ)
ඔය මොන සෙල්ලම් දැමුවත් හංස වෙසෙන් කවදාවත් ගැලවෙන්න බැහැ.(අ)
ඔබ අැමතූ අංකය වැරදිය. කරුණාකර අංකය නිවැරදි දැයි පරීක්ෂාකර බලා නැවත අමතන්න කියනවා. (ස)
හරිම හොදයි හැබැයි උත්තර ඕන අදාල අමාත්‍යංශය වෙත යොමු කරල නම් වැඩක් නැහැ ගරු ජනාධිපති තුමනි මම මෙයට පෙර ඔබතුමාටත් ගරු අගමැතිතුමාටත් ප්‍රශ්න ලිව්වා ඒත් ලැබුනේ ඉහත පිළිතුර නමුත් අදාල අමාත්‍යාංශය නිහඩයි මොකද කරන්නේ (අ)
මෙයා කලානම් නිදහසෙන් පසු හොඳම රජය නායකයි. ඔක්කම ඒවා අහන්න ඕනි. (හේ)
මේක හොද වැඩක් මොකද ප්‍රාදේශීය දේශපාලුවන් කරන වැඩ වල හැටියට හොඳයි (බ)
කවදාවත් ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ,,, ජනපතිට ලිපි යවල අත්දැකීම් තියනවා.. කිසි දෙයක් වෙන්නේ නැහැ. (බ)
මෙය ඉතාම හොඳ වැඩක්. මම පිටරටක ජීවිත් උනත් මෙතුමා ගේ වැඩ අගය කරනවා. (ර)
ගයාන්ල වගේ මිනිස්සු ඉන්නකල් මේ රට හදන්න බැහැ. (ස)
හොද වැඩක්.(හේ)
රටේ මිනිස්සුන්ගෙන් සැහෙන කොටසකට වතුර විෂ වී වකුගඩු පිළිකා හැදිලා. රෝහල් වල බෙහෙත් නැහැ. එක එක්කෙනාගේ ප්‍රශ්න විසඳීම නොවේ පළමුව දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.(අ)
කලින් පැවති ජනාධිපති ජංගම සේවයට නව අර්ථ කතනයක් ඔස්සේ පියාපත් ලැබූ වගයි! (හේ)
මේක පුදුම වැඩක්! ජනාධිපතිට තිබෙන වැඩ මදිවාට දැන් තවත් වැඩක්... (නි)
මේ අය මොනවා කරනවද, කියනවද මටනම් තේරෙන්නෙ නැහැ. අහන ප්‍රශ්න හැම එකකටම උතුමානන් උත්තර දෙනවද තෝරාගත් ප්‍රශ්න වලට විතරද ඒ වෙලාවෙම උත්තර දෙනවද?(අ)
ජනපතිට කියන එක නෙවෙයි ප්‍රශ්නය, කිව්වා කියලා වැඩක් වෙනවද කියන එක. (හේ)
වැඩේ හොඳයි ප්‍රතිචාර කොහොම වෙයිද?(හේ)
දිල්ෂාන් ඔබගේ ප්‍රශ්නේ නම් ජනාධිපති තුමාට කියලා නම් පලක් වෙන එකක් නැහැ තමයි. (ර)
හොඳ වැඩක් (නි)
හොඳ වැඩක්. (ර)