(රන්න චන්ද්‍රසේන ගමගේ)
වී අලෙවි මණ්ඩලය මගින් අද (31) සිට ගොවියකුගෙන් වී කිලෝග්‍රෑම් 3000 ක් මිලදී ගැනීමට තිරණය කළ බව කෘෂිකාර්ම සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අම්බලන්තොට වී අලෙවි කිරීමේ ගබඩා සංකීර්ණයේ වි මිලදි ගැනීමේ අවස්තාවට සහභාගි වීමෙන් අනතුරව පැවසීය.
මෙතෙක් වී අළෙවි මණ්ඩලය මගින් එක් ගොවියෙකු ගෙන් වී කිලෝග්‍රෑම් 2000ක් පමණක් මිලදි ගත් බව සදහන් කළ ඇමතිවරයා අද සිට එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 1000 න් වැඩි කිරීමට තමන් තීරණය කළ බව පැවසීය.ඒ අනුව අද සිට එක් ගොවියෙකු ගෙන් වි කිලෝ ග්‍රෑම් 300ක් මිළදි ගන්නා බව ද ඉදිරියේදි මෙම ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 5000 දක්වා වැඩි කිරීමට හැකියාවක් ඇද්දැයි සොයා බලන බවද පැවසීය.
මෙම අවස්ථාවට සහභාගි වූ වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා පැවසුවේ මහජන මුදල් නාස්ති කරන ආයතනයක් බවට පත්ව තිබූ වි අළෙවි මණ්ඩලය ඉදිරියේදී ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට තමන් කටයුතු කරන බවත් ඉදිරියේදි වී වෙනුවට රටට සහල් සපයන ආයතනයක් බවට වි අළෙවි මණ්ඩලය පත් කරන බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියාට නිසි ලාභයක් ලැබෙන සේ වී සඳහා අවම මිලක් තීරණය කරන්න. අඩුමිලට මෝල් හිමියන් වී ගැනීම නතර කරන්න. එමෙන්ම සහල් සඳහා අවම මිලක්ද තීරණය කරන්න. රජයේ ගබඩා පිරවීමෙන්, අස්වැන්නත්, රජයේ මුදල් නාස්තිවීමත් සිදුවේ. සහල් මිළ ඉහල යන්නේ නම්, අඩු ආදායම් ලාභීන්ට සහන දෙන්න.