උතුරු ,නැගෙනහිර, උතුරු - මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසුව තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 

බස්නාහිර පළාතෙත් පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකියි.

දෘෂ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යා අප්‍රෙල් මස 5 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී. අද දින දහවල් 12.13 ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.