අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත්කිරිමට නියමිත බව පාරිභෝගික අධිකාරිය පවසයි. දේශීය කිරිපිටි, පරිප්පු, කරවල වර්ග කිහිපයක්, කඩල, හාල්මැස්සන් ඇතුළු භාණ්ඩ මිල අඩුකරන බව අයවැය යෝජනා මගින් ඉදිරිපත් කර තිබිනි.
පාරිභෝගික අධිකාරිය පවසන්නේ එම මිල අඩුකිරීම් නොවැම්බර් 24 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනය නිකුත් කරන බවයි. ගැසට් නිවේදනය නිකුත් කිරිමෙන් පසු වැඩි මිලට අදාල භාණ්ඩ අළෙවි කරන ව්‍යාපරික ස්ථාන වැටලීමට කටයුතු කරන බව ද පාරිභෝගික අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දික මහත්තයෝ, මම කරවල හා පරිප්පු ගැන කියලා තිබුනේ මම ගැනම හිතලා හරිම සතුටින් තමයි. එ්ත්, ඔබතුමාලා වගේ අය ගැන හිතන කොට තමයි අර පුන්නක්කු මිල ගැන මතක් වෙලා මටත් පොඩි කණගාටුවක් ඇති වුනේ. කේ පෙරේරා මහත්මයට ඉතින් කිරිපිටි මිල අඩු කෙරුවට තරහා එන එක අතකට සාධාරණයි. ඕව එච්චර ගණන් ගන්න එපා මහත්තයෝ අපේ රටේ සම්ප්‍රදායික කිරි ගවයින්ටත් කවද හරි තැනක් එයි? (බ)
හරියට හරි කරුණාපාල. මී හරකුන්ට ආහාර ඇරුනම වෙන දෙයක අගයක් නැහැනේ. කොටි නිදහස් කළත් කරවල අඩු කළානම් උන්ටික සතුටින්. (බ)
කරුණාපාල වගේ අයට මොන සහන දුන්නත් අඩුවක් තමයි දකින්නේ...පහුගිය ගෙවුන මාස 11 තුල වැඩි වුණ වැටුප් සහ අඩු වුණ අාහාර මිල ගැන මතක නැහැ වගෙයි. (ම)
මේ සුළු බඩු මිල අඩුවීම් කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. සැළකියයුතු ලෙස බඩු මිල පහත නොදැම්මොත් අපිත් නිශ්ශබ්දව නම් ඉන්නේ නැහැ. ජයසිරි මහත්තයෝ, "අයවැය බඩුමිල අඩුකරන ලේඛනයක් නොවේ"නම් අයවැය තියෙන්නේ බඩු මිල වැඩිකරන්න විතරද? නොදන්නා දේ නොකියා ඉන්න. (නි)
නියමයිනේ! (නි)
සතුටුදායක ආරංචියක් (නි)
මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවකින් පාරිභෝගිකයා ආරක්ෂාකළේ නැහැ. මේ පාරත් ඒ ටිකම වේවි. බඩු මිල පාලනය කිරීමට නීති දමන ගමන් ඒ සඳහා අවශ්‍ය පරිපාලන සහ ආර්ථික විද්‍යාත්මක ක්‍රමවේද ගැන බැලීමක් කළයුතු වෙනවා. (නි)
මහින්ද මැතිතුමාගේ කාලේ නම් බඩු මිල ගොඩාක් අඩුයි. ජනතාවගේ පොකට්ටුවේ හැම වෙලාවේම සල්ලි (නි)
කරුණාපාල වගේ හැමදෙයම නරකට දකින අය ඉන්නතුරු රටක් දියුණු වෙයිද? (නි)
යහපාලනයට දුන්නේ වෙනසක් බලාපොරොත්තුවෙන්. අත්‍යවශ්‍යම දේවල් කියන්නේ කරවල, පරිප්පු විතරද? මිනිසුන්ගේ අත්‍යවශ්‍ය දේ තමයි, හැමදම මිනිස්සු කන "බත්". ඒකනිසා හාල් වල මිල අඩුකරන්න. මහජනතාවගේ කතිරය ප්‍රබලයි. අහිංසක මහජනතාව රවටන්නේ නැතුව හාල්, පොල්, සීනි,පොල්තෙල්, එළවලු මිල ගණන්, තෙල්, සබන්, වගේ මිනිසුන්ගේ එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය දේවල් වල මිලත් අඩුකරන්න (නි)
බඩු මිල අඩුවුයේ නම් ආපන ශාලා හිමියන් ආහාර වල මිල ගණන් වැඩිකරන්නේ ඇයි? (නි)
කරුණාපාලට පුන්නක්කුම තමා කවන්න ඕනෑ (නි)
සහල් මිල අඩුකරන්න ගොවියාගෙන් ගන්න මිල අඩු කරන්න වෙනවා. වී කිලෝ 1 ක් 50 ට අරගෙන සහල් කිලෝව 50 ට දෙන්න බැහැනේ. (නි)
නියමයි! දැන් අපිට හැමදාම කරවලයි පරිප්පුයි කකා හරිම සතුටින් ඉන්න පුලුවන්. අපරාදේ! අපි ගොඩක්ම බලපොරොත්තුවෙලා හිටියේ පුන්නක්කු වල මිලත් අඩුවෙයි කියලයි (නි)
ඇත්තටම බඩු මිල අඩු වෙන්නේ කවදාද බලමු. දැනටනම් කොහෙවත් ඔය කියන මිලට වැඩියෙන් මිසක් අඩුවෙන් කිසිම බඩුවක් නැහැ. (නි)
24,25,26 මේ බඩුවලට වැඩිපුර ගෙවාපු සල්ලි ඉල්ලගන්නෙ රනිල්ගෙන්ද මෛත්‍රීපාලගෙන්ද (අ)
මේ මිල අඩුවීම් වලදී අඳ ,ගොළු, බිහිරි, වෙළෙන්දෝ මට්ටුකරන්න ඔහොම පාලනය නොකර බැහැ .ජන.8 නව පාලනය දුන් ජනතා සහන වූ ගැස්,පිටි,මිල අඩුකිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දුන්නේ කොයි වෙළෙන්දාද..?,අවන්හල් හිමියාද.? අන්තිමේ දී තේ එකටයි 10/= සිට කිරි තේ 25/= ,ආප්පය යි රු.10/- දක්වා පාලන මිල ගැසට් කරන්නම වුනානේ ..! කෙසේ වෙතත් අය වැය බඩුමිල අඩුකරන ලේඛනයක් නම් නොවේ. (අ)