(දයාරත්න ඇඹෝගම)
ලංකාව ලොකයේ බල පුළුවන්කාරයන්ගේ පහසු ගොදුරක් බවට මේ වන විට පත්ව තිබෙන බවත් ඒ උවදුරින් රට බේරා ගැනිම සඳහා මහා සංඝරත්නය හා විද්වතුන් ගන්නා තින්දු තිරණ සමග එක්ව රට බේරා ගැනිමේ අරගලයට ඉදිරියේ තමන් වහන්සේලා එක්වන බවත් බොදුබල සේනා ජාතික සංවිධානයේ මහා ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.
අනුරාධපුර ක්‍රෙස්ටන් පාර්ක් හෝටලයේ අද(24) පැවැති මාධ්‍ය හමුවකදි උන්වහන්සේ මේ බව පැවසුහ.
‘‘මේ රටේ ජනාධිපතිවරයා ගැනත් විශ්වාසයක් තියන්න බැහැ. අපට එකක් කියනවා වෙනත් දෙයක් කරනවා. ඕනෑම ආයතයකට රටකට පරිසරයකට නායකයෙක් නැති වුනත් විනාශයි. නායකයෝ ගොඩාක් හිටියත් විනාශයි. අද අපේ රටට නායකයෝ ගොඩාක් ඉන්නවානේ. මංගල සමරවිර නායකයෙක්. අගමැති රනිල් නායකයෙක්. රාජිත සේනාරත්න නායකයා. ඒ නිසා අපට හිතා ගන්න බැහැ මේවා කොහෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. රට බෙදුම්වාදයට තල්ලු වෙමින් තියෙනවා. උතුරේ කටයුතු විග්නේෂ්වරන්ට ඕනේ විදියට ක්‍රියාත්මක වෙනවා. උතුර ලංකාවේ කොටසක් නෙමේද. මේ ව්‍යවස්ථාව උතුරට වලංගු නැද්ද? දැන් අපි මොනවා හරි ප්‍රශ්නයක් කතා කළොත් අම්මේ ජාතිවාදි ආගම් භේදය අවුස්සනවා කියලා පොලිස් බලමුළු දාලා අපිව හොයනවා රටපුරා. විග්නේෂ්වරන් ගෙන් කට උත්තරයක් ගන්න කෙනෙක් නැහැ. එතකොට උතුර වෙනම ප්‍රාන්තයක් වෙලාද? අපි දන්නවා මේ මොහොත වන විට උතුරේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. හමුදා ගාල් කරලා තියෙනවා කඳවුරුවලට. පොලිසියෙන් දකුණේ ක්‍රියාත්මක වෙන බැටන් පොලු උතුරේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සිවාජිලිංගම්ලට වෙන විදියක් මොනවද රටට මේ සපයන විහිලු‘‘ යැයි ද ඒ හිමියෝ කීහ.
මෙම මාධ්‍ය සාකච්ජාවට සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති ජඹුරේවල චන්දරතන හිමියෝද සහභාගි වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔබ වහන්සේ රටේ නායකයෙක් උනොත් ඔක්කොම හරියාවිද?
දේශපාලකයන්ට කඩේ යන සඟ පරපුරක් නොසිටියා නම් අපිට මේ වගේ තත්ත්වයක් උදා නොවේ....
වැඩියෙන්ම නායකයෝ ඉන්නේ සඟ සමාජයේ. මොකද සඟ සමාජය කුල වලට බෙදාගෙන. පලමුඑන්ම ඒකීය බෞද්ධ ආගමක් රටේ නැතිව, රටේ ඒකීය භාවය ගැන මොන කතාද?
කවදත් රටේ නායකයෝ ගොඩයි, ඒකනායක, දහනායක,දිසානායක,බස්නායක තව ගොඩයි.
උපාලිගේ කටේ මසුරන් දාන්න වටින කියමනක්...!
උපාලිගේ කතාවට 100% ක් එකඟයි.
මේකේ අදහස් දාන අය ලංකාවේ බුද්ධාගමේ අය නොවේ.
සංහිදියාව ඇතිකළ හැක්කේ සැම ජාතියක්ම රටතුල ඕනෙම පළාතක ජීවත් වේමේ එයෙතිය තහහුරු කිරීමෙන් වින ජාතින් අනුව රටබේද වෙන්කිරීමෙන් නොවේ
කුලභේදය රටෙන් ඉවත්කිරීමට කිරීමට නීතියක් ගෙන අවොත් ඊට විරුද්දව නැගී සිටින්නේ ඔය සඟ සමාජයයි ... ඔවුන් එතරම් එහි කිමිදීලා ..
රටක නායකයන් හුගක් ඉන්න එක සාඩම්බරයට කරුණක්.පාසල් වලින්, විශ්වවිද්‍යාල වලින් කල යුත්තේ නායකයන් බිහි කිරීමයි.
වැදගත් ප්‍රස්නයක් අහන්න හලෝ අපටත් යමක් ඉගෙනගන්න. ගොන් තකතීරු ප්‍රසන අහන්නේ නැතුව.
සිංහල නමින් පෙනී සිටින සිංහල බෞද්ධයින් කියා ගන්නා මිනිසුන් අඩුම ගන්නේ පංස කූලයටවත් ගෙන්න ගන්න ඉන්න මේ ස්වාමීන්වහන්සේලාට කතා කරන විදිහ දැක්කාම බෞද්ධයාට වැඩිය දුක් වන්නේ අන්‍ය අගකමිකයින්ය. මොකද මේ ජීවිත කාලයට තම ආගමේ පූජකයෙකුට බනින, පූජකයෙකු විවේචනය කරන කිසිදු මුස්ලිම් , හින්දු,හෝ ක්‍රිස්තියානි ජාතිකයෙකු මම දැක නොමතිනිසාය. මෙහෙව් ජාතියක් සමග එකට ජීවත් වීමෙන් තම ජාතියටත් සාප වෙන නිසාදෝ ද්‍රවිඩයින් වෙනම රටක් ඉල්ලන බව පෙනේ . එහෙම ඉල්ලනවානම් එය සාදාරනය. යම්කිසි විෂයක් ගැන කතා කරනවිට කතා කරන විෂය සම්බන්ධව විමසනවා වෙනුවට බොහෝ සිංහලයින් කරන්නේ විෂය කතා කරන පුද්ගලයාගේ පැටිගිරිය සෙවීමය. ඒ තමන් ලැබූ අධ්‍යාපනයේ වැරද්දය.
උපාලි එහෙම වෙලා තිබෙන වානම් එය හාමුදුරුවරුන්ගේ වරද නොවෙයි සිංහල ජාතියේ වැරද්දය. මොකද මේ සවාමින් වහන්සේලා පැවිදි බව ලැබීමට කලින් ලැබුයේ සිංහල කමය. සිංහලයෝ ජාතියම කරදරයේ වැටුන විටත් විපතින් ගොඩ එන්න උත්සාහ කරනවාට වඩා කරන්නේ තම තමන්ගේ පුද්ගලික සටන් පටන් ගැනීමය . සිංහල ඌරන් කැකුණ තලන විට වෙනත් ජාතික හබන් කුකුලන්ට රජ මගුල්ය.
2020 මැතිවරණයට ඔබ වහන්සේ ඉදිරිපත්වෙන්න. ඒ අනුව ඔබ වහන්සේ නායකත්වයට එන්න.
ඇත්තටම ෆෙඩරල් පාලන ක්‍රමයක් අනුගමනය කරන්නේ ලංකාවේ සඟ සමාජය. විවිද නිකායවල් ඔවුන් විසින් පාලනය කරගන්නවා. නායකයෝ, අනු නායකයෝ පළාත් නායකයෝ දිස්ථ්රික් නායකයෝ ගම්වල නායකයෝ සිය ගණන් ඉන්නවා. මහා නායකයන්ට ජනතිපතිගෙන් benz කාර් ලැබෙනවා. දළදා මාලිගාවත් හව්ලේ පාලනය කරනවා. නමුත් එවැනි පාලන ක්‍රමයක් රටටම හොඳ නැ කියල විරුද්ද වෙන්නේ පළමුවෙන්ම සඟ සමාජය. මේ නියකයවල් හදාගෙන තියෙන්නේ කුල පාඩම මත. අව්රුදු 2500 ගිහිල්ලත් කුලවාදය රටෙන් කෙසේ වෙතත් ආගමෙන් වත් ඉවත් කරන්න බැරිවෙලා තියෙනවා. ඉතින් ආගම් තුනක් අදහන ජාතින් තුනක් එකතු කරලා ඒකීය රටක් හදනවා කියල හිතන්නවත් පුලුවන්ද අපේ හාමුදුරුවන් වහන්සේලා එක්ක.
මට කියන්න තියෙනවා කාරණා දෙකක් මේ ගැන; 1. රටේ හිටපු හොඳ නායකයෙක් අයින් කරන්න අන්‍යාකාරයෙන් උදවු කරපු ඔබවහන්සේලාම තමයි මේවට වග කියන්න ඕන. 2. සංඝයා වහන්සේලාගේ ගෞරවය රැකෙන විදියට ඔබ වහන්සේ වැඩ කරන්න හිතනවානම් රටටත් ඔබ වහන්සේටත් යහපත් වෙයි.
ගරු ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශයේ හරය නම් සත්‍යයි, මොකද එක වාහනයක එක අවස්ථාවක පැදවිය යුත්තේ එක් රියෙදුරෙක් පමණයි. හැබැයි ප්‍රථමයෙන්ම එය ආදර්ශයට ගත යුත්තේ ගෞරවනීය සංඝ සමාජයමයි. ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට.
රජ දවස සංඝයා ඉදිරියට ආව කියන කතාව ඉතිහාසය වගේම පරණයි. දැන් එය ප්රාග් ඓතිහාසික යුගයටත් ගිහිල්ල තියෙන්නේ. අනික බුදු දහම රැක ගන්න උන් වහන්සේ ලා විදේශීය අදමිටුවනට සේම දේශීය කෘෘරත්වයට විරුද්ධවත් සටන් කර දන්ගෙඩියට පවා හිස දන් දුන්නා. අද තියෙන්නේ පව්කාර, අවස්ථාවාදී බඩගෝස්තර දේශපාලනයක්. රට ගැන "කැක්කුමකින් කතා කරන හාමුදුරුවරුන් බහුතරයක්ම මේ දේශපාලනයේ කොයි පිළට හරි කඩේ යන අය. වියට්නාමයේ ක්වාන්ඩක් හාමුදුරුවන් වගේ සියොළඟ ගිනි දල්වාගෙන ජීවිතය පුදන්න තරම් එඩිතර භික්ෂුවක් අපට සොයා ගත හැකිවන්නේ අතීතයේ අපවත්වූ හාමුදුවරුන්ගේ නම් ලැයිස්තුවකින් පමණයි.