IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අද රෑ වැසි කෝඩයක් : කාලගුණේ අනතුරු අඟවයි

අද සවස හතරේ සිට පැය 12ක් දක්වා දිවයින ආශ්‍රිත වායුගෝලයේ කැලඹිලි ස්වභාවය නිසා අද රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි වැඩි වශයෙන් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අපර භාගයේ සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද, කඳුකරයට ඉතා තද වැසි ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි.

කඳුකරයට මිලිමීටර 150ට වඩා වැඩි වැසි ද විය හැකි බවත්, ගිගුරුස් සහිත වැසි ඇති වන විට තද සුළං ඇතිවීමට ඉඩ ඇති බව ද අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යාඥයෝ උපදෙස් දෙති.

 

 



අදහස් (0)

අද රෑ වැසි කෝඩයක් : කාලගුණේ අනතුරු අඟවයි

ජයත් Tuesday, 21 April 2015 03:18 AM

මේ රටේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් බීරි අලින්ට වීනා වයනවා වගේ. ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියනවා. මේ රටේ. මේකෙ තියන අපූර්වත්වය තමයි මේ දෙකම උපරිමයට එන්නේ වැසි කාලයට වීම. පළමු එක තමයි ඩෙංගු මර්දනය. ආණ්ඩුවත් මාධ්‍යත් කොච්චර කෑගැහුවත් මේකට මිනිස්සුන්ගේ දායකත්වය අන්තිමයි. දෙවෙනි එක අකුණු අනතුරු. මොන තරම් මාධ්‍ය හරහා දැනුවත් කරත් අඩුම ගනනේ වහින වෙලාවට තමන්ගේ විදුලි උපකරණ, දුරකථන වයර ( මෙය හරිම වැදගත් ) විසන්දි කරන අය ඉන්නේ කීයෙන් කීදෙනාද , තමන්ගේ ගෙදර අවටවත් මදුරුවන් බෝවීම වලක්වගන්න අය කීදෙනෙක් ඉන්නවද? අනේ මන්ද ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site