අද සවස හතරේ සිට පැය 12ක් දක්වා දිවයින ආශ්‍රිත වායුගෝලයේ කැලඹිලි ස්වභාවය නිසා අද රාත්‍රී කාලයේ දී ගිගුරුම් සහිත වැසි වැඩි වශයෙන් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අපර භාගයේ සහ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද, කඳුකරයට ඉතා තද වැසි ද ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කියයි.
කඳුකරයට මිලිමීටර 150ට වඩා වැඩි වැසි ද විය හැකි බවත්, ගිගුරුස් සහිත වැසි ඇති වන විට තද සුළං ඇතිවීමට ඉඩ ඇති බව ද අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යාඥයෝ උපදෙස් දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් බීරි අලින්ට වීනා වයනවා වගේ. ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියනවා. මේ රටේ. මේකෙ තියන අපූර්වත්වය තමයි මේ දෙකම උපරිමයට එන්නේ වැසි කාලයට වීම. පළමු එක තමයි ඩෙංගු මර්දනය. ආණ්ඩුවත් මාධ්‍යත් කොච්චර කෑගැහුවත් මේකට මිනිස්සුන්ගේ දායකත්වය අන්තිමයි. දෙවෙනි එක අකුණු අනතුරු. මොන තරම් මාධ්‍ය හරහා දැනුවත් කරත් අඩුම ගනනේ වහින වෙලාවට තමන්ගේ විදුලි උපකරණ, දුරකථන වයර ( මෙය හරිම වැදගත් ) විසන්දි කරන අය ඉන්නේ කීයෙන් කීදෙනාද , තමන්ගේ ගෙදර අවටවත් මදුරුවන් බෝවීම වලක්වගන්න අය කීදෙනෙක් ඉන්නවද? අනේ මන්ද ! (ස)