අද (3) මැදියම් රැයේ සිට ඇරඹීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය නොපැවැත්වෙන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පවසයි.
ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති වන ගැමුණු විජේරත්න හා සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් අතර බස් ගාස්තු වැඩිකිරීමේ ප්‍රතිශතය පිළිබඳ මතභේදයක් හට ගැනිණි. 6%ක බස් ගාස්තු වැඩිවීමකට ගැමුණු විජේරත්නගේ එකඟත්වය ලැබුණද අනෙක් පාර්ශවය ඊට අකමැත්ත පළ කර තිබිණි. ඔවුහු 15% ක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලති.
මේ සම්බන්ධයෙන් ලබන බදාදා තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් වැඩි කරනවා. මාස් පඩි ගන්න අපිට වැඩිවෙච්ච වියදම් හොයාගන්න කාගෙන්හරි ඉල්ලගන්න වෙලා තියෙන්නේ. (නි)
ප්‍රයිවට් බස් වල අදායම අඩුවෙන්න හේතුවක් තමා කොට කොට යාම. මිනිසුන්ට හරි වෙලාවට කිසිම ගමනක් යන්න බැරි බස් සේවයක් තමා පුද්ගලික බස් රථ සේවය. එකට විසඳුමක් දෙන්න ඕනෑ බස් ගාස්තුව වැඩි කරන්න කලින්. (නි)
රජයට නිසි වැඩපිළිවෙළක් තියෙන්න ඕන මේ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන්න. (බ)