
(යොහාන් භාසුර)
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ තුන්වැනි විදුලි ජනන යන්ත්‍රයේ බිඳවැටීම හේතුවෙන් අද (27) දිනයේ විදුලි කප්පාදුව පැය 3 ක් දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලි ජනනයට ඉන්ධන ලැබීමට නියමිත බැවින් හෙට (28) දිනයේ විදුලි කප්පාදුව පැය දෙකයි විනාඩි 20 ක් දක්වා අඩු වන බව ද රත්නායක මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ තියෙන සූර්ය බලයෙන් කටයුතු නොකර ලංකාවෙ නැති අගුරු ගොඩක් බදාගෙන තියෙන කරච්චලේ කවදා අවසන් වේද කරච්චලේ බලාගාරය හදන්න යෝජනා කල එවුන්ගෙන් හා අනුමත කල බලධාරීන්ගෙන් ජනතාවට වන්දියක් ගෙවීම සුදුසුයී
ලංකා විදුලි බල මණ්ඩලයේ දුර්වල හා උදාසීන කළමනාකරණය නිසා මෙවැනි විදුලිය බිදවැටිම් සිදුවන බව අප කවුරුත් හොදින් දන්නා කරුණකි. සුර්ය බල ශක්තිය හා සුළං බලය වැනි පුනර්ජනනීය බල ශක්ති ප්‍ර්‍රභේද වැඩිපුර යොදාගැනීමට හැකියාව තිබියදි අනිසි වාසි ලබා ගැනීම සදහා පෞද්ගලික ආයතන වලින් විදුලිය මිලදී ගැනීමට විදුලිබල මණ්ඩලයේ ඉහල නිලධාරීන් කටයුතු කරනවාද යන්න සැකසහිත බවත් මෙහිලා සදහන් කල යුතුය. කෙසේවෙතත් දිනකට දිවා කාලයේදි පැය 1 1/2 කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කලහොත් කුඩා පරිමාණ ව්‍යාපාර හා කර්මාන්ත නැවත වරක් බිදවැටිම තුලින් රටේ සමස්ත ආර්ථිකය නැවත නැවත බිදවැටීමට ලක්විම වළක්වා ගැනීමට නොහැකි වේ
අපි ගැන නිතර සොයා බලනවාට මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාට බොහොම ස්තුතියි .
රජයේ සමහරක් ආයතන වල ඉහළම නිළධාරින්ගේ නිවෙස්වල දිවා රාත්‍රි නොකඩවා විදුලි ලාම්පු දල්වා තියෙනවා දකින්නට පුළුවන් .අදාල අය නිවසේ සිටියදී පවා විසංධිකිරීමට කටයුතු නොකරන බවක් අපි දකිනවා.එහෙම තියෙද්දි එම නාස්තිය වලක්වන්න උපයෝගිතා සභාපති අවධානයට නොගන්නේ ඇයි කියලා දෙන්න නැහැ