අද උදෑසන කොළඹ ගොඩනැගිලි කිහිපයකට සුළු සෙලවීමක් දැනුණු බවට වාර්තා වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ් ඒ සරත් ලාල් කුමාර මහතා කියයි. භූවිද්‍යා හා පතල් කැණීමේ කාර්යංශයේ සභාපති ආචාර්ය එන් පී විජයානන්ද මහතා පැවසුවේ කොළඹ දකුණු වරාය ගැඹුරු කිරීම සඳහා භූගතව සිදුකරන පිරීම් නිසා එම සෙලවීම දැනී ඇති බවයි. මේ වන විට එවැනි පිපිරීම් 11ක් කර ඇතත් එවැනි සුළු සෙලවීමක් වාර්තා වූයේ අවස්ථා දෙකකදී පමණක් බවද, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිර්ණායකවලට අනුව මෙතෙක් කළ පිපිරීම් සිදු කර ඇති බවද, ඔවුන්ගේ පිපිරවීම්වල ප්‍රභලත්වය මැනීම සඳහා මාපක සවිකර ඇති බවද විජයානන්ද මහතා පවසයි. වැඩිදුරටත් ඔහු පවසන්නේ මෙය භූකම්පන තත්ත්වයක් යැයි වැරදි වැටහීම් ඇති කර නොගන්නා ලෙසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම එතකොට ටෙලිකොම් බිල්ඩිම හොදයිද?අනේ කවුරුහරි මට කියන්නකෝ
පිස්සුද දන්නේ නෑ.අපේ බිල්ඩිම 10 පාරකට වඩා හෙල්ලුනා
වරායේත් නිධන් හාරනවද දන්නැ
වාරයේ නිදන් තියනවා කියල ආරංචිය.... අපේ මෝඩ මිනිස්සු ස්වබාවික ව පිහිටුනු මේ වරායවල් විනසකරලා මොනවා කරනවද දන්නේ නැහැ..මට නම් සැකය ඔය කරන පිපිරීම් ගැන
ඒකනේ මම කිව්වේ
මම බය නෑ ඔය හෙල්ලුම්වලට
කොළඔ හෙලවුනාට පුශ්ණයක් නෑ. දැන් අපි ඉන්නේ හමිබන්තොට. නැවු එන්නෙත් හමිබන්තොටට.
වරායේ නිධන් හෙවුවද දන්නෑනේ
හෙල්ලුනා විතරයි හිමාලි. ජපන් වීසා ගන්න තානාපති කාර්යාලයට ගියා දුන්නේ නැහැ
ආ.... කොලුවෝ, බැහැරක්ද?
ඕක මොකක්ද , රටම හෙල්ලිලා තියෙන්නේ දේශපාලන ක්‍රියාකරෙකම් වලට
හොද වෙලාවට මාපක සවිකර තියෙන්නෙ. නැත්නම් නියම භූකම්පනයක් දැනුනත් ඔය අර වරායේ වැඩ නිසා යැයි කියා නිකං ඉදීවි.
මමත් දැන් හෙල්ලිලා ඉන්නේ ......
ප්‍රභාකරන්ගේ ගෝලයො තව ඉන්නවද දන්නෑ....ටිකක් හොයල බලන්න..
අපේ ආචාර්යතුමා මොකද මේ ගැන කියන්නේ?
මේ පටන් ගත්තා විතරයි හෙලවෙන්න.. මට මතකයි එක පාරක් අපි ජපානයේ තෂිකාවා කියන ගමේ සංචාරයක නිරතවෙලා හිටියා.. එහිදි එක පාරටම පොළව හෙලවෙන්න පටන් ගත්තා. මමත් අපේ කට්ටියත් හොඳටම බය වෙලා . ගොඩනැගිල්ලෙන් එළියට පැන ගත්තා. අනේ අපි විතරයි ඒ රටේ කිසි කෙනෙක් ඒක ගනන් ගත්තේ නෑ. ඒවා ඒ අයට සුළභයි ඉතිං... අනාගතයේදි අපිටත් ඔය තත්ත්වය ඇතිවේවි. කොහොම උනත් මේ පුවත ඇයි මේ තරම් පරක්කු වෙලා ලංකාදිපයට වාර්තා උනේ. දැන් ලංකාදිපය තවත් වෙබ් අඩවියක් කොපි කරනවාදැයි කියලත් හිතෙනවා සමහර වෙලාවට.. අනේ එහෙම වෙන්න එපා ලංකාදිපයට ...ස්තුතියි
ඔය විදියට පිපිරෙව්වොත් එකක් ගොඩ දාද්දි දහයක් වැටෙයි වගේ
කොළඹ විතරක් නෙමේ මුළු රටම හෙල්ලිලා තියෙනේ බඩු මිල වැඩි නිසා
ආ.. එහෙම නම් කමක් නෑ