දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණයක් සඳහා සුදුසු වායුගෝලීය තත්වයන් පවතී.
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති වේ.
නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි ය.
ගිගිරුම් සහිත වැසි පවතින අවස්ථාවල දී අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පරීක්ෂාකාරී වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 සැප්තැම්බර් 09 පෙරවරු 5:30

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd