දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකූණට ගමන් කිරීමේ දී සූර්යයා, සැප්තැම්බර් 07 දින දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවල ට සෘජුවම ඉහලින් පවතී.  අද දහවල් 12.10 ට පමණ හල්මිල්ලැව, අඹන්පොළ, පොළොන්නරුව සහ පාසිකුඩා යන නගර වලට හිරු මුදුන්ව පවතී.

දිවයිනට උතුරු, ඊසාන සහ ගිනිකොන දෙසින් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යාමට ඉඩ ඇතනිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. . බෙංගාල බොක්ක අශ්‍රිත මුහුදු ප්‍රදේශයේ  සුළං වේගය ද ඇතැම් විට පැයට කිලෝමීටර් 70 පමණ දක්වා ඉහළ යාමේ අවධානමක් පවතී. එබැවින් මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

ගිගිරුම් සහිත වැසි පවතින අවස්ථාවල දී අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පරීක්ෂාකාරී වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 සැප්තැම්බර් 02 පෙරවරු 5:30  

Town-09-02