අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෑම පළාතකම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.බස්නාහිර, දකුණු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති වේ.ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකූණට ගමන් කිරීමේදී සූර්යයා, අගෝස්තූ මස 28 දින සිට සැප්තැම්බර් 07 දින දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට (02), දහවල් 12.10 මංගලවේලි, මාහෝ, දඹුල්ල, දිඹුලාගල යන නගර වලට හිරු මුදුන්ව පවතී.