දිවයිනේ මධ්‍යම, සබරගමුව සහ දකුණ පළාත් වල විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර පළාතේ විශේෂයෙන් උදය කාලයේ දී වැසි වාර  කීපයක් ඇතිවේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, උතුරු මැද  සහ නැගෙනහිර පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ ඇත.

මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විටින් විට තරමක තද සුළං ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශ වලද වැසි ඇති වන විට තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.