නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළිකුණාටුව 2013 මැයි මස 13 වන දින දහවල් 2.00 වන විට (උතුරු අක්ෂාංශ 11.8 හා නැගෙනහිර දේශාංෂ 85.9 පමණ) ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී. 700 ක් පමණ දුරින් කේන්ද්‍රගතව පැවතුනි. මෙම පද්ධතිය බොහෝ දුරට එහි කේන්ද්‍රයේ සිට වයඹ දෙසට , දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇත.
මෙම පද්ධතියේ බලපෑම මත මන්නාරම සිට ත්‍රිකුණාමලය සහ යාපනය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර, නිරන්තර වැසි සහ තද සුළං ( පැ.කි. 70ට වැඩි) ඇති විය හැකිය.
නැගෙනහිර සහ උතුරු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස ධිවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
දිවයින සහ අවට ප්‍රදේශ වල නිරිත දෙසින් හමන තරමක් තද සළං (පැ.කි. 60 පමණ) අපේක්ෂා කල හැකිය.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුලින් බරව පවතී.
යාපනය, කිලිනොච්චි සහ මුලතිව් දිස්තික්ක වල නිරන්තර වැසි ඇති වේ . ඇතැම් ස්ථාන වල මි.මී . 200 ට වඩා වැඩි තද වැසි ඇති වේ
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, නැගෙනහිර සහ දකුණු පලාත් වල විටින් විට වැසි ඇති විය හැක. ඇතැම් ස්ථාන වල මි.මී .100 ට වඩා වැඩි තද වැසි ඇති වේ. අනෙකුත් ප්‍රදේශ වලද තැනින් තැන වැසි ඇති විය හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තුතියි දැනුවත් කරාට. (ස)