ගිණිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “මහසෙන්” සුළිකුණාටුව මුලතිව්  සිට නැගෙනහිර දෙසින් කි.මී. 650 ක් පමණ දුරින් කේන්ද්‍රගතව ඇත. මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් බොහෝ දුරට එහි කේන්ද්‍රයේ සිට වයඹ දෙසට ගමන් කරනු  ඇත.

මේ නිසා යාපනය සිට මඩකළපුව හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර, නිරන්තර වැසි සහ තද සුළං (පැ.කි. 70ට වැඩි)  ඇති විය හැකිය.

නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස ධිවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

මෙම පද්ධතියේ බලපෑම මත දිවයින සහ අවට ප්‍රදේශ වල නිරිත දෙසින් හමණ තරමක් තද සළං (පැ.කි. 60 පමණ) අපේක්ෂා කල හැකිය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති විය හැක. දිවයිනේ උතුරු සහ නැගෙනහිර කොටස් වල ඉදිරි දින කිහිපයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තුවිය හැකිය.