බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම  පළාත්වල  වැසි ස්වල්පයක් ඇති  වන අතර අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.  

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ