ගිණිකොනදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හම්බන්තොට සිට නැගෙනහිර දෙසින් කි. මී. 1000 ක් පමණ දුරින් කේන්ද්‍රගතව පවතී. මේ නිසා හම්බන්තොට සිට නැගෙනහිර සහ ගිනිකොණ දෙසින් කි. මී. 300 කට එපිටින් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර, නිරන්තර වැසි සහ තද සුළං ( පැ.කි. 60ට වැඩි) ඇති වේ.
හම්බන්තොට සිට කි.මී. 300ක් පමණ එපිටින් ( නැගෙනහිර දේශාංෂ 85) වන මුහුදු ප්‍රදේශවල ධිවර හා නාවික කටයුතු වල යෙදීමෙන් වළකින ලෙස ධිවර හා නාවික ප්‍රජාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී සබරගමුව, නැගෙනහිර , මධ්‍යම, උතුරු මැද සහ ඌව පළාත් වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.බස්නාහිර, දකුණු සහ සබරගමුව පලාත්වල උදය කාලයේ දී ද වැසි බලාපොරොත්තු වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd