නැගෙනහිර, උතුරු-මැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුනු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වෙන කුලියාපිටිය ප්‍රදේශයේ ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුන තත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.