අපරභාගයේ ඇතිවන ගිගුරුම් සහිත වැසි අඩුවීමක් හෙට දිනයේ සිට බලාපොරොත්තුවේ. කෙසේ වෙතත් දිවයිනේ නැගෙනහිර කොටස්වල තවදුරටත් වැසි සහිත කාලගුණයක් පවතී.උතුරු, නැගෙනහිර, උතුරුමැද, දකුණු සහ ඌව පළාත්වල විශේෂයෙන් උදෑසන කාලයේදී තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී දිවයිනේ සෙසු ප්‍රදේශ වල ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ .
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd