දිවයින ආශ්‍රිතව පවතින කැළඹිළි සහිත ස්වභාවය නිසා, උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී, වැසි හෝ ගිගුරුම් සහිත වැසි දිවයින පුරාම පාහේ පැතිර යනු ඇත. ඇතැම් ස්ථාන වලට තරමක තද වැසි ( මි.මී. 100 පමණ) වුවද ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.