දිවයින හරහා විශේෂයෙන්  මධ්‍යම   කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල විටින් විට නිරිත දිගින් හමන තද විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තුවේ. තවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි ස්වල්පයක් ඇති වේ. 

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මුහුදේ කාලගුණ තත්ත්වය :

නිරිත දෙසින් හමන සුලගේ  වේගය  විටෙක පැ. කි. මී. 60 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇති බැවින්  දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල විටින් විට  රළු වේ.