දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ පවතී. 

මධ්‍යම කදුකරයේ විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැකි ය. දිවයිනේ අනෙක් කොටස්වල ද විටින් විට තරමක් තද සුළං ඇති වීමට ඉඩ ඇත.

පුත්තලම සිට ගාල්ල හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරේ වෙරළ ට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යා හැකි ය.  

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 29 පෙරවරු 5:30

24-houß--07-29

Town--07-29