දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට ඉඩ  පවතී. පුත්තලම සිට ගාල්ල හරහා මාතර දක්වා සහ කන්කසන්තුරේ වෙරළ ට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම කඳුකරයේ විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං බලාපොරොත්තු විය හැකි ය. සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැයට කි‍ලෝමීටර් 20-40 ක් පමණ වේ. සුළං වේගය විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමේ අවධානමක් පවතී.

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 28 පෙරවරු 5:30

24-houß -07-28

Town--07-28