දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් සහ නැගෙනහිර සහ ගිනිකොණදිග මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම කදුකරයේ විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි ය. දිවයිනේ අනෙක් කොටස්වල ද විටින් විට තරමක් තද සුළං ඇති විය හැකි ය. සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමේ අවධානමක් පවතී.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 25 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd