දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල විටින් විට  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැක. තවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද, එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.