දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විශේෂයෙන් උදය කාලයේ දී වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ පැයට කිලෝමීටර් 60 දක්වා විටින් විට තද සුළං බලාපොරොත්තු විය හැකි ය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ද විටින් විට තරමක් තද සුළං අපේක්ෂා කරයි. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමේ අවධානමක් පවතී.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විමට ඉඩ ඇත.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 24 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd