දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල  ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.

දිවයිනේ බස්නාහිර, සබරගමුව ,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි  ස්වල්පයක් ඇති වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි  ස්වල්පයක් බලාපොරොත්තු විය හැකි ය.

සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමට ඉඩ පවතී. 

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන දිවයිනට ගිනිකොන දෙසින් වන  මුහුදු ප්‍රදේශවල සහ මීගමුව  සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමළය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන අනෙක් මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විමට ඉඩ ඇත.  

අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 22 පෙරවරු 5:30

24-houß

Town