දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක ඇති විය හැකි වැසි හෝ ගිගුරුම් සහිත වැසි හැරෙන්නට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් දිවයින වටා වන අනෙකුත් මුහුදු ප්‍රදේශවල බලාපොරොත්තු විය හැකි ය.
නිරිත දෙසින් හමන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50 පමණ දක්වා ඉහළ යාමට ඉඩ පවතී.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන දිවයිනට ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සහ මීගමුව සිට මන්නාරම සහ කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමළය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ ද විටින් විට තරමක් රළු විමට ඉඩ පවතී.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජූලි 21 පෙරවරු 5:30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ලංකාවේ අවුරුදු 10 ක සිට පැවැති එළවලු මිලෙහි ව්‍යාප්තිය දැන ගැනීමට අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය වන පුවත්පත් ලබාගත හැක්කේ කෙසේද? හැකි ඉක්මනින් පිළිතුරක් ලබාදිය හැකි නම් ස්තුති වන්ත වෙමි.(අ)