දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල පවතින වැසි සහිත කාලගුණ තත්වය වැඩිවේ. එබැවින්  බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණූ  සහ වයඹ පලාත් වල  විටින් විට වැසි  ඇති වේ. සමහර ස්ථාන වලදී තද වැසිද ඇතිවිය හැක.

ඉදිරි දින දෙක තුලදී දිවයින හරහා සහ අවට මුහුදු ප්‍රදේශ වල නිරිත දෙසින් හමන තද සුළං  බලාපොරොත්තු වේ. සුළගේ වේගය පැ .කිමී 70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් ඇති බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස ධීවර සහ නාවික  ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.