දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල ද පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වල ද විටින් විට වැසි ඇති වන අතර  සමහර ස්ථාන වලට තද වැසි (මි.මි 100 පමණ ) ද ඇති විය හැක.

දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැකිය.

 

මුහුදේ තත්ත්වය :-

පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල  විටින් විට  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන අතර බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලදී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇත.

බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ .