දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පලාත් වල  වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයින හරහා, වි‍ශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැක.

මුහුදේ තත්ත්වය :-

පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල  තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  වේ.

සුළං නිරිත දෙසින් හමන අතර වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වන අතර බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වලදී මෙම සුළං වේගය විටෙක පැ. කි. මී. 50 පමණ දක්වා ඉහල යාමට ඉඩ ඇත.

බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.