ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය
දිවයින සහ අවට මුහුදු ප්‍රදේශවල පවතින සුළං සහිත කාළගුණ තත්වය අදින් පසු ක්‍රමයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දිවයිනේ මධ්‍යම සහ සබරගමුව පලාත් වල විටින් විට වැසි ඇති වන අතර සමහර ස්ථාන වලට තද වැසි ද ඇති විය හැකිය. බස්නාහිර සහ දකුණු පලාත් වල සහ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ද වැසි වාර කිහිපයක් ඇති වේ.
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට නිරිත දිගින් හමන තද සුළං ඇති විය හැක.
මුහුදේ තත්ත්වය :-
මන්නාරම සිට කොළඹ හරහා පොතුවිල් දක්වා සහ යාපනය සිට ත්‍රිකුණාමලය දක්වා වන වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ රළු වන අතර පැ.කි. 60 පමණ දක්වා සුළං ඇති වන නිසා එම මුහුදු ප්‍රදේශ හෙට දහවල් වනතුරු ධිවර කටයුතු සදහා සුදුසු නොවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd