දිවයින ආසන්නයේ පවතින වායුගෝලයේ කැළබිලි තත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ පළාත් වල සහ අවට මුහුදු ප්‍රදේශ වල වැසි සහිත කාලගුණ තත්වයක් බලාපොරොත්තුවේ.
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි සහිත කාලගුණ තත්වය තව දුරටත් පවතී. සමහර ස්ථාන වල තද වැසි (මි.මි 100 ට වැඩි ) ද ඇති වීමට ඉඩ ඇත.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ අනෙක් පළාත් වල ද ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.
මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් වල විටින් විට හමන තරමක් තද සුළං හටගනී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති වීමට ඉඩ ඇත . දිවයිනට අවට මුහුදු ප්‍රදේශ වල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන්, අවට මුහුදු ප්‍රදේශ වල ක්ෂණිකව සුළං වේගය පැයට කිලෝ මීටර 70ක් 80ක් පමණ දක්වා ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතී .
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 ජුනි 03 උදෑසන 5.30


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd