දිවයින ආශ්‍රිතව පවතින කැළඹිළි සහිත ස්වභාවන් නිසා, විශේෂයෙන් අපරභාගයේදී සහ රාත්‍රී කාලයේදී, වැසි හෝ ගිගුරුම් සහිත වැසි දිවයින පුරාම පාහේ පැතිර යනු ඇත.ඇතැම් ස්ථාන වලට තරමක තද වැසි ( මි.මී. 100 පමණ) වුවද ඇතිවිය හැකිය. උදෑසන කාලයේදී  නැගෙනහිර වෙරළ බඩ තීරයේ වැසි ස්වල්පයක් ද ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.