අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී හෝ දිවයින අභ්‍යන්තරයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව මෙම වැසි බස්නාහිර  වෙරළබඩ ප්‍රදේශ කරා පැතිර යනු ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.