අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී  දිවයිනේ බොහෝ පළාත් වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.නිරිතදිග වෙරළබඩ ප්‍රදේශ උදය කාලයේ ද වැසි කිහිපයක් ඇති වීමට ඉඩ ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.