බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.අපරභාගයේ දී හෝ රාත්‍රී  කාලයේ දී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.දිවයින හරහා   සහ  අවට මුහුදු ප්‍රදේශ  වල, විටින් විට හමන තරමක් තද සුළං අපේක්ෂා කෙරේ .

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.