අපරභාගයේ දී හෝ රාත්‍රී  කාලයේ දී බොහෝ පළාත් වල තැන් කිහිපයක්  වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල උදය කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය . අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.