බෙංගාල බොක්කේ පවතින සුළි කුණාටුව (පය්ලින්), චන්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී යාපනයට කි.මී. 1300 ක් ඊසාන දෙසින් ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතී. මෙහි ඍජු බලපෑමක් ලංකාවට ඇති නොවේ.
බස්නාහිර, වයඹ, උතුර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසිද ( මි.මී. 100 පමණ) ඇතිවිය හැකිය. අපරභාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී හෝ සෙසු ප්‍රදේශ වලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ අවට මුහුදු ප්‍රදේශ වල, විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තුවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd