විශේෂයෙන් උදය කාලයේ දී, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර වයඹ පළාතට ද මෙම වැසි පැතිර යයි. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අනෙක් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති වේ. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.  

ඉදිරි පැය 36 සඳහා කාලගුණ වාර්තාව 2014  ඔක්තෝම්බර් මස 06 වන දින  1600 ට නිකුත් කරන ලදි.

24 houß

Town