බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති “හුඩ්හුඩ්” චන්ඩ සුළි කුණාටුව මේ වනවිට ඉතා චන්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ඉන්දියාව දෙසට ගමන් කරමින් පවතී. එය හෙට දිනයේදී ගොඩබිමට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි බලපෑම නිසා දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඉහළයාමට හැකියාව පවතී.

සුළං ප්‍රවාහවල අභිසාරී බව හේතුවෙන් දකුණු පළාතේ වැසි ඇති වීමේ වැඩි හැකියාවක් ඇත. දකුණු පළාතේ විටින් විට වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වේ. වයඹ පළාතට ද මෙම වැසි පැතිර යාමට ඉඩ තිබේ.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, නැගෙනහිර සහ උතුරු පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණු විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. Town 24 houß