බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්”සුළිකුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයිනේ සහ දිවයින අවට මුහුදේ තද සුළං සහිත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරයි.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ පළාතට ද මෙම වැසි පැතිර යයි. ඇතැම් ස්ථාන වල මිලි මීටර100 ට වඩා වැඩි තද වැසි ඇතිවීමට ඉඩ ඇත.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත් වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති වේ. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
මුහුදේ තත්ත්වය
දිවයින වටා වන වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-40 ක් පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 50-60 පමණ දක්වා ඉහල යා හැකි බැවින් විටින් විට රළු වීමට ඉඩ ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd