බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයනක් දක්වා වර්ධනය වී ඇති බැවින් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ද දිවයින අවට මුහුදේ  තද සුළං සහිත කාලගුණ තත්වයක්ද අපේක්ෂා කිරීමට හැකියාව ඇත.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර වයඹ පළාතටද මෙම වැසි පැතිර යයි. ඇතැම් ස්ථානවල මි.මී.100 ට වඩා වැඩි තද වැසි ඇති වේ.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ අනෙක් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

24 houß Town