සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල අද දින අපරභාගයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව මෙම වැසි බස්නාහිර සහ වයඹ වෙරළ බඩ ප්‍රදේශ කරා පැතිර යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා සිටී.
ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං නිරිත දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.
සාමාන්‍යයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශ රළු නොවන නමුත් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd