අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ මධ්‍යම, ඌව, වයඹ, උතුරුමැද සහ නැගෙනහිර පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය වන අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල උදය කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකිය.ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකූණට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අගෝස්තූ මස 28 දින සිට සැප්තැම්බර් 07 දින දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට (29), දහවල් 12.12 ට කුමුලමුනේ, කොකාවිල් සහ මුලතිව් යන නගර වලට හිරු මුදුන්ව පවතී.