විශේෂයෙන් උදය කාලයේ දී, දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. මෙම අගෝස්තූ මස 28 දින සිට සැප්තැම්බර් 07 දින දක්වා කාල සීමාව තුළ සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (28), දහවල් 12.12 ට වද්දුකොඩ්ඩයි, පුත්තුර් සහ කුදත්තනෙයි යන නගර වලට හිරු මුදුන් වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ.
සුළඟ නිරිත දෙසින් හමන අතර වේගය පැයට කිලෝමීටර් 20-40 ක් පමණ වේ. මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඇතැම් විටෙක පැයට කිලෝමීටර් 50-60 පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි ය.
අවසන් යාවත්කාලීන කිරීම - 2014 අගෝස්තු 26 පෙරවරු 5:30

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd