ගිගුරුම් සහ අකුණු සහිත කාලගුණ තත්ත්වයක් ආරම්භ වෙමින්, විශේෂයෙන් නැගෙතහිර පළාතේ, පවතින කාලගුණ රටාවේ වෙනසක් බලාපොරොත්තුවේ.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වැසි වර්ධනය වන අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත් වල වැසි වැසි වාර ස්වල්පයක් බලාපොරොත්තු වේ .ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැකිය.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.