නිරිත දිගින් හමන සුළං ප්‍රවාහයේ අභිසාරී බව තවමත් පවතී, එම නිසා විශේෂයෙන් උදය කාලයේ දී බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

 

දිවයින හරහා  විශේෂයෙන්  මධ්‍යම   කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වල සහ   අවට මුහුදු ප්‍රදේශ  වල, විටින් විට හමන තරමක් තද සුළං බලාපොරොත්තුවේ. තවද ගිගුරුම් සහිත වැසි ඇති වන විට ද, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ඇති විය හැක.